Skip to main content

විශ්වාසයන්

මෙම ලියුම් කරුගේ විශ්වාසයන් පහත අයුරින් වේ:

  • ත්‍රිත්වය. දෙවියන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ සහ ශුද්ධ ආත්මයාණන් වහන්සේ එක් අයකු බවත්. (එනම් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ බවත්)
  • යේසුස් වහන්සේ අපගේ පාපය උදෙසා උන් වහන්සේගේ ජීවිතයෙන් අපගේ පව් කුරුස පත් වී ගෙවා දමා සදාකාල විනාශයෙන් අපව බෙර ගත බවත් 
  • ගැලවීම මනුෂ්‍යාගේ උත්සාහයෙන් ලබා ගත හැක්කක් නොව දෙවියන් වහන්සේගේ දීමනවාක් බවත්. 
  • බයිබලය 100%ක් ම දේව වචනය බවත් 
  • වතුර බෞතීස්මය වැඩි වියට පත් වන්නන් පෞද්ගලිකව වටහාගෙන කල යුත්තුක්ක බවත් 
  • දෙවියන් වහන්සේව සිහි කිරීම සහ උන්වහන්සේගේ පන්ගුකාරකම නිතර සිදු කල යුත්තක් බවත් 
  • ආත්මික දීමනාවන් වල ක්‍රියාකාරීත්වය සහ දිව්‍ය සුවය 
  • සභාවේ දේශනා කිරීම පුරුෂයන්ට පමණක් නියම කරන ලද්දක් බවත් 
  • යේසුස් වහන්සේගේ නැවත පැමිණීම සහ විනිශ්චය ලෝකාන්තිමයේදී තිබෙන බවත් 
  • සභාව දෙවියන්වහන්සේ තෝරා ගත්ත වුන්ගෙන් උන් වහන්සේගේ ශරීරය සභාව මගින් නිරූපණය කිරන බවත්
  • සදාකාල ජීවනය සහ පව් කමාව ලැබෙනුයේ යේසුස් වහන්සේගෙන් පමණක් බවත්ය 


** මෙම ලිපිය යාවත්කාල කරමින් පවතින බව කරුණාවෙන් සලකන්න

Comments

Popular posts from this blog

බයිබලය ඉගෙන ගන්නේ, එසේත් නැත්නම් තේරුම් ගන්නේ කෙසේද?

සාමාන්‍ය නවකතා රචකයින් විසින් ග්‍රන්ථ කරන ලද පොත් පත් ඉතා ලේසියෙන් පරිශීලනය කල  හැකිවුවද; එනම් මනුෂ්‍යයෙක් විසින් තවත් මනුෂ්‍යයෙකුට ලියන ලද ග්‍රන්ථයක් කියවීම ඉතා පහසු වූවද, දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයා හට ලියන ලද බයිබලය තේරුම් ගැනීම මාංසිකව අපහසු කටයුත්තක් වූවද, ශුද්ධාත්මයන් වහන්සේගේ මග පෙන්වීම තුල දෙවියන්වහන්සේව අදහන්නන් හට එය තේරුම් ගැනීම අපහසු කටයුත්තක් නොවේ. බයිබලය යනු දෙවියන් වහන්සේගේ වචනයයි. බයිබලය කියවන විටදී යාක්ඥා කොට කියවීම ඉතාමත්ම සුදුසු වනාවක් මෙන්ම, එක පරිච්චේදයක් හෝ ඉන් කොටසක්වත් එක දිනක් තුලදී කියවන්නට හැකි නම් එය ඉතාමත්ම යෝග්‍යය වන්නේය. තනි බයිබල් පද පමණක් අතරින් පතර කියෙවීම ඔබ මුල්වරට දෙවියන් වහන්සේගේ වචනය හදාරන්නෙක් නම් සුදුසු නොවේ. මක් නිසාද බොහෝ බයිබල් පද තනිව එහි සන්ධර්බයෙන් පිටතට ගෙන තේරුම් ගැනීම අපහසුවනවාක් මෙන්ම, එහි නියම අර්ථය පලුදු වීමක් එහෙමන්ක් නැත්නම් වෙනස් අර්ථකතනයක් ලැබීමට හේතු වන්නට පුළුවන්. ඔබ හට යම් කිසි කෙනෙක් තනි බයිබල් පදයක් ලබා දී එය විස්තර කරන්නේ නම්, ඊට අදාළ සන්දර්භය තේරුම ගැනීම තුලින් එම බයිබල් පදයේ නිසි අර්ථය තේරුම් ගැනීමට හැකි වනු...

කිතුනුවන්ට අදාළ ව්‍යවස්ථාවද? නව ගිවිසුමද?

සත්‍යවශයෙන්ම යේසුස් වහන්සේව අදහනන්නට  අදාළ වන්නේ ව්‍යවස්ථාවද, නව ගිවිසුමද යන්නට දිය හැකි ඉතාමත්ම කෙටි, නිවැරදි පිළිතුර නම්, නව ගිවිසුම යන්නයි. කිතුනුවන් හට  ව්‍යවස්ථාව  කිසිසේත්ම අදාළ නොවන්නෙහිද? ඔව්, සැබවින්ම.  නමුත් බයිබලයේ මතෙව් ශුභාරංචි පොතෙහි යේසුස් වහන්සේ පවසනුයේ ව්‍යවස්ථාව (පරණ ගිවිසුම) කිසිසේත්ම අවලංගු කිරීමට නොපැමිණි බවත්, ව්‍යවස්ථාවේ සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු ය යි සඳහන් කර තිබෙන බවත්ය. මතෙව් (5:17-20) 17 “මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ, ඒවා අවලංගු කිරීමට නොව, සම්පූර්ණ කිරීමට ය.  18 ලූක් 16:17 සැබැවින් ම මම ඔබට කියමි, අහස හා පොළොව පහ ව ගියත්, සියල්ල පරිපූර්ණ වන තුරු, ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක් වත් පාපිල්ලක් වත් පහ වී නොයන්නේ ම ය.  19 එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු ය යි කියනු ලබන්නේ ය. එහෙත්, ඒවා පිළිපදින, ඒවා උගන්වන කවරෙකු වුව ද, ඔ...

පෙරවදන

මෙම වෙබ් අඩවියෙන් බලාපොරොත්තු වෙන්නේ දෙවියන්වන්සේ විසින් මනුෂ්‍යාට දෙන ලද දේව වචනය, නැතහොත් බයිබලය නිවැරදිව තේරුම් කර දීමයි. දෙවියන් වහන්සේගේ වචනය අද ලොව විවිධ සභාවන්හි උගන්වනු ලබනවා, ඇතැම් අවස්ථාවන්වල එකම ඉගැන්වීම විවිධ ආකාරයට අර්ථ කථනය කරන අවස්ථාවන් දකින්නට පුළුවන්. බොහෝ අවස්තාවන් වල විවිධ නිකායයන් දෙවියන් වහන්සේ අදහස් කරන දේ වෙනුවට තමන්ගේ සභාවන් වලට උචිත වචනය අර්ථනිරූපනය කිරීමයි. විශාල ප්‍රධාන ධාරාවේ සභාවන් වල සිදුවන්නේ ඉහල නිලධාරීන් නිර්වචනය කරන ඉගැන්වීම් පහල ස්ථර වල සිටින සේවකයන් එම ඉගැන්වීම් ඒ ආකාරයටම ඉගෙන්වීමයි. මෙයි හොඳ සහ නරක දෙකම අන්තර් ගතයි. මෙහි ඇති හොඳ නම්, එකම ඉගැන්වීම එම ප්‍රධාන ධාරාවේ සෑම සභාවකම දකින්නට ලැබීමයි. මෙයි ඇති නරක දෙය නම්, ඉහල සතර වල සිටින්නන් ගනු ලබන්නා වන වැරදි තීරණ සහ අර්ථකතනයන් ඒ ආකාරයෙන්ම පහල ස්ථර වල සිටින සේවකයින් ඉගැන්වීමත්. එම ඉගැන්වීම් වැරදි වූවද පහල මට්ටමේ සිටින සේවකයින්ට (දේශකයින්ට) එම සභාවේ තිබෙන ඉගැන්වීම් වලට පිටින් යා නොහැකි වීමත්ය. මෙම ලියුම් කරු කිසිම සභාවකට ගැති නොවන මුත්, දෙවියන් වහන්සේට පමනක් ගණන් දීමට බැදී සිටින අයෙක් වන්නේය. එබැවි...