සාමාන්‍ය නවකතා රචකයින් විසින් ග්‍රන්ථ කරන ලද පොත් පත් ඉතා ලේසියෙන් පරිශීලනය කල හැකිවුවද; එනම් මනුෂ්‍යයෙක් විසින් තවත් මනුෂ්‍යයෙකුට ලියන ලද ග්‍රන්ථයක් කියවීම ඉතා පහසු වූවද, දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයා හට ලියන ලද බයිබලය තේරුම් ගැනීම මාංසිකව අපහසු කටයුත්තක් වූවද, ශුද්ධාත්මයන් වහන්සේගේ මග පෙන්වීම තුල දෙවියන්වහන්සේව අදහන්නන් හට එය තේරුම් ගැනීම අපහසු කටයුත්තක් නොවේ. බයිබලය යනු දෙවියන් වහන්සේගේ වචනයයි. බයිබලය කියවන විටදී යාක්ඥා කොට කියවීම ඉතාමත්ම සුදුසු වනාවක් මෙන්ම, එක පරිච්චේදයක් හෝ ඉන් කොටසක්වත් එක දිනක් තුලදී කියවන්නට හැකි නම් එය ඉතාමත්ම යෝග්‍යය වන්නේය. තනි බයිබල් පද පමණක් අතරින් පතර කියෙවීම ඔබ මුල්වරට දෙවියන් වහන්සේගේ වචනය හදාරන්නෙක් නම් සුදුසු නොවේ. මක් නිසාද බොහෝ බයිබල් පද තනිව එහි සන්ධර්බයෙන් පිටතට ගෙන තේරුම් ගැනීම අපහසුවනවාක් මෙන්ම, එහි නියම අර්ථය පලුදු වීමක් එහෙමන්ක් නැත්නම් වෙනස් අර්ථකතනයක් ලැබීමට හේතු වන්නට පුළුවන්. ඔබ හට යම් කිසි කෙනෙක් තනි බයිබල් පදයක් ලබා දී එය විස්තර කරන්නේ නම්, ඊට අදාළ සන්දර්භය තේරුම ගැනීම තුලින් එම බයිබල් පදයේ නිසි අර්ථය තේරුම් ගැනීමට හැකි වනු...