Skip to main content

Posts

Showing posts with the label learn the bible in sinhala

ඉර සඳ තාරකා මගින් මිනිසුන් හට බලපෑමක් තිබේද?

පාස්ටර් ජෙරොම් සඳහන් කරනවා සෞරග්රහ මණ්ඩලයෙන් මින්සුන් හට බලපෑම් තියෙනවා කියලා. එම ඉගැන්වීම විද්‍යාත්මකව වගේම දේව වචන තුලින්ද වැරදිසහගත බව පෙන්වා දීම මෙම ලිපියේ අරමුනයි. පාස්ටර් ජෙරෝම්ගේ දේශනා මම අහලා තියෙනවා, සමහර ඒවා හොඳයි, ඒත් සමහර ඉගැන්වීම් වැරදියි. මේකත් ඒවගේ වැරදි ඉගැන්වීමක්. මෙතන මොහුට වැරදිලා තියෙන පළමු කාරනාව තමයි astronomy සහ astrology යන්න පටලවාගෙන තිබීම . astronomy මගින් බයිබලයේ සදහන් වෙන්නේ ආකාශ වස්තුන් සම්බන්දව තියෙන අර්ථකථනය සහ ඒවායේන් දෙවියන්වහන්සේ බලාපොරොත්තු වෙන අරමුනයි. එම බලාපොරොත්තු වෙන අරමුණ මොනවාද කියලා උප්පත්ති පොතේ 1:14-15 පැහැදිලිව සඳහන් වෙනවා. එනම් :  14දෙවියන්වහන්සේ: රාත්‍රියෙන් දවාල වෙන් කිරීමට අහස්තලයෙහි ආලෝකයෝ වෙත්වා, ඒවා ලකුණු පිණිසද සෘතු පිණිසද දවස් පිණිසද අවුරුදු පිණිසද වෙත්වා, 15පොළොවට එළිය දීමට ඒවා අහස්තලයෙහි ආලෝකයන් පිණිස වෙත්වයි කීසේක. ඒ එසේ විය. Astrology යනුවෙන් හදුන්වන්නේ එම ආකාශ වස්තුන්හි චලනයන් නිරීක්ෂණය කොට, එම චලනයන්ගෙන් සිදුවෙන පිහිටීමේ වෙනස්වීම මගින් මිනිසාට බලපෑම් සිදුවේ යැයි ගණනය කොට එමගින් මිනිසාට තියෙන බලපෑමත්, එමගින් ඇතිවිය හැකි ය...

කිතුනුවන්ට අදාළ ව්‍යවස්ථාවද? නව ගිවිසුමද?

සත්‍යවශයෙන්ම යේසුස් වහන්සේව අදහනන්නට  අදාළ වන්නේ ව්‍යවස්ථාවද, නව ගිවිසුමද යන්නට දිය හැකි ඉතාමත්ම කෙටි, නිවැරදි පිළිතුර නම්, නව ගිවිසුම යන්නයි. කිතුනුවන් හට  ව්‍යවස්ථාව  කිසිසේත්ම අදාළ නොවන්නෙහිද? ඔව්, සැබවින්ම.  නමුත් බයිබලයේ මතෙව් ශුභාරංචි පොතෙහි යේසුස් වහන්සේ පවසනුයේ ව්‍යවස්ථාව (පරණ ගිවිසුම) කිසිසේත්ම අවලංගු කිරීමට නොපැමිණි බවත්, ව්‍යවස්ථාවේ සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු ය යි සඳහන් කර තිබෙන බවත්ය. මතෙව් (5:17-20) 17 “මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ, ඒවා අවලංගු කිරීමට නොව, සම්පූර්ණ කිරීමට ය.  18 ලූක් 16:17 සැබැවින් ම මම ඔබට කියමි, අහස හා පොළොව පහ ව ගියත්, සියල්ල පරිපූර්ණ වන තුරු, ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක් වත් පාපිල්ලක් වත් පහ වී නොයන්නේ ම ය.  19 එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු ය යි කියනු ලබන්නේ ය. එහෙත්, ඒවා පිළිපදින, ඒවා උගන්වන කවරෙකු වුව ද, ඔ...

පෙරවදන

මෙම වෙබ් අඩවියෙන් බලාපොරොත්තු වෙන්නේ දෙවියන්වන්සේ විසින් මනුෂ්‍යාට දෙන ලද දේව වචනය, නැතහොත් බයිබලය නිවැරදිව තේරුම් කර දීමයි. දෙවියන් වහන්සේගේ වචනය අද ලොව විවිධ සභාවන්හි උගන්වනු ලබනවා, ඇතැම් අවස්ථාවන්වල එකම ඉගැන්වීම විවිධ ආකාරයට අර්ථ කථනය කරන අවස්ථාවන් දකින්නට පුළුවන්. බොහෝ අවස්තාවන් වල විවිධ නිකායයන් දෙවියන් වහන්සේ අදහස් කරන දේ වෙනුවට තමන්ගේ සභාවන් වලට උචිත වචනය අර්ථනිරූපනය කිරීමයි. විශාල ප්‍රධාන ධාරාවේ සභාවන් වල සිදුවන්නේ ඉහල නිලධාරීන් නිර්වචනය කරන ඉගැන්වීම් පහල ස්ථර වල සිටින සේවකයන් එම ඉගැන්වීම් ඒ ආකාරයටම ඉගෙන්වීමයි. මෙයි හොඳ සහ නරක දෙකම අන්තර් ගතයි. මෙහි ඇති හොඳ නම්, එකම ඉගැන්වීම එම ප්‍රධාන ධාරාවේ සෑම සභාවකම දකින්නට ලැබීමයි. මෙයි ඇති නරක දෙය නම්, ඉහල සතර වල සිටින්නන් ගනු ලබන්නා වන වැරදි තීරණ සහ අර්ථකතනයන් ඒ ආකාරයෙන්ම පහල ස්ථර වල සිටින සේවකයින් ඉගැන්වීමත්. එම ඉගැන්වීම් වැරදි වූවද පහල මට්ටමේ සිටින සේවකයින්ට (දේශකයින්ට) එම සභාවේ තිබෙන ඉගැන්වීම් වලට පිටින් යා නොහැකි වීමත්ය. මෙම ලියුම් කරු කිසිම සභාවකට ගැති නොවන මුත්, දෙවියන් වහන්සේට පමනක් ගණන් දීමට බැදී සිටින අයෙක් වන්නේය. එබැවි...