Skip to main content

ඉර සඳ තාරකා මගින් මිනිසුන් හට බලපෑමක් තිබේද?

පාස්ටර් ජෙරොම් සඳහන් කරනවා සෞරග්රහ මණ්ඩලයෙන් මින්සුන් හට බලපෑම් තියෙනවා කියලා. එම ඉගැන්වීම විද්‍යාත්මකව වගේම දේව වචන තුලින්ද වැරදිසහගත බව පෙන්වා දීම මෙම ලිපියේ අරමුනයි.

පාස්ටර් ජෙරෝම්ගේ දේශනා මම අහලා තියෙනවා, සමහර ඒවා හොඳයි, ඒත් සමහර ඉගැන්වීම් වැරදියි. මේකත් ඒවගේ වැරදි ඉගැන්වීමක්. මෙතන මොහුට වැරදිලා තියෙන පළමු කාරනාව තමයි astronomy සහ astrology යන්න පටලවාගෙන තිබීම. astronomy මගින් බයිබලයේ සදහන් වෙන්නේ ආකාශ වස්තුන් සම්බන්දව තියෙන අර්ථකථනය සහ ඒවායේන් දෙවියන්වහන්සේ බලාපොරොත්තු වෙන අරමුනයි. එම බලාපොරොත්තු වෙන අරමුණ මොනවාද කියලා උප්පත්ති පොතේ 1:14-15 පැහැදිලිව සඳහන් වෙනවා. එනම් : 

14දෙවියන්වහන්සේ: රාත්‍රියෙන් දවාල වෙන් කිරීමට අහස්තලයෙහි ආලෝකයෝ වෙත්වා, ඒවා ලකුණු පිණිසද සෘතු පිණිසද දවස් පිණිසද අවුරුදු පිණිසද වෙත්වා, 15පොළොවට එළිය දීමට ඒවා අහස්තලයෙහි ආලෝකයන් පිණිස වෙත්වයි කීසේක. ඒ එසේ විය.

Astrology යනුවෙන් හදුන්වන්නේ එම ආකාශ වස්තුන්හි චලනයන් නිරීක්ෂණය කොට, එම චලනයන්ගෙන් සිදුවෙන පිහිටීමේ වෙනස්වීම මගින් මිනිසාට බලපෑම් සිදුවේ යැයි ගණනය කොට එමගින් මිනිසාට තියෙන බලපෑමත්, එමගින් ඇතිවිය හැකි යැයි උපකල්පනය කරන දේ සම්බන්දව අනාගතයට සම්බන්දව අනාවැකි කීමයි. 

බයිබලයේ මොනම අවස්ථාවකවත් ජ්‍යෝතිෂ්‍යය (astrology) කෙරෙහි පරණ ගිවිසුමේ හෝ අලුත් ගිවිසුමේ දෙවියන්වහන්සේව අදහන්නන්ව පොලොබවලා නැහැ, ඒ වගේම ජ්‍යෝතිෂ්‍යය බාවිතා කරලත් නැහැ. ජ්‍යෝතිෂ්‍යයෙන් දෙවියන්වහන්සේ අදහන්නන් ඉවත් විය යුතු දෙයක් බවත්, එය නොකළ යුතු දෙයක් බවත් දේව වචනය තුල තරයේ අවවාද කොට තිබෙනවා. (ද්වීතිය කතාවේ/Deuteronomy 18:10-14):

10තමාගේ පුත්‍රයා හෝ දුව හෝ ගිනි මැදින් යවා පූජාකරන කෙනෙක්වත් පේනකියන්නෙක්වත් නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර කියන්නෙක්වත් මායාකාරයෙක්වත්, 11මතුරන්නෙක්වත් ආත්ම බන්ධනකාරයෙක්වත් අනවිනකාරයෙක්වත් මළවුන්ගෙන් විචාරන්නෙක්වත් නුඹ අතරෙහි නොසිටීවා. 12මක්නිසාද මේ දේ කරන කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය. මේ පිළිකුල් නිසා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ඉදිරියෙන් ඔවුන් පන්නා දමනසේක. 13නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්පූර්ණව සිටින්න. 14මක්නිසාද නුඹ පන්නාදමන්ට යන්නාවූ මේ ජාතීහු නිමිතිබලන්නන්ටත් පේනකියන්නන්ටත් ඇහුම්කන්දෙති. නුමුත් නුඹට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එසේ කරන්ට ඉඩදීලා නැත.

යේසුස් වහන්සේ උපතේදී උන්වහන්සේව සොයා යන්න ජ්‍යෝතිෂ්‍යය උපකාරී වුනා යන්නත් වැරදි ඉගැන්වීමක්. මම මේක පුළුවන් තරම් කෙටියෙන් දේව වචන ආශ්‍රයෙන් විස්තර කරන්නම්. අනෙත් කරුණ නම් බයිබලයේ කොතනකවත් ජ්‍යෝතිෂ්‍යය සත්‍ය බවක් සදහන් කර නැහැ. බයිබලයේ දකින්න පුළුවන් වන්නේ ජ්‍යෝතිෂ්‍යය කරුවන් ලැජ්ජාවට පත් වූ බවයි, අසමත් වූ බවත්ය. (දානියෙල්, 1:20, 2:27-28)

27දානියෙල් රජු ඉදිරියේ උත්තරදෙමින්: රජු විචාළ රහස රජුට පෙන්වන්ට ශාස්ත්‍රවන්තයන්ටවත් අනවිනකාරයන්ටවත් මන්ත්‍රකාරයන්ටවත් පේනකියන්නන්ටවත් නුපුළුවන; 28නුමුත් රහස් එළිදරව්කරන දෙවිකෙනෙක් ස්වර්ගයෙහි සිටිනසේක, උන්වහන්සේ මතු දවස්වල සිද්ධවෙන්ට තිබෙන කාරණා නෙබුකද්නෙශර් රජුට දන්වා තිබේ. ඔබගේ ස්වප්නයද ඔබගේ යහනේදී පැමුණුණ ඔබගේ හිසේ දර්ශනද මෙසේය:

පළමුවෙන් මෙතන පාස්ටර් ජෙරොම් කියන දෙයක් තමයි  උප්පත්ති 1:16 (16දෙවියන්වහන්සේ මහත් ආලෝක දෙක සෑදූසේක; වඩා මහත් ආලෝකය දිවාභාගය කෙරෙහි අධිපතිකම්කරන පිණිසය, කුඩා ආලෝකය රාත්‍රි භාගය කෙරෙහි අධිපතිකම් කරන පිණිසය. උන්වහන්සේ තාරකාද සෑදූසේක.) ඇසුරෙන්, ඉර, හඳ තාරකා වලට පාලනය කිරීමට බලයක් තියෙන බවයි. 

නමුත් මෙය වැරදි අර්ථකථනයකි. මෙතැන "අධිපතිකම් කරන පිණිස" (rule) කියන එකෙන් අදහස් කරන්නේ ඉර, සඳ තාරකා වල බලය පොළොවේ අධිපතිකම් කරන්න කියන අර්ථකථනය නෙමෙයි. මෙතන "අධිපතිකම් කරන පිණිස" යන්න සැබවින්ම රූපකයක් (metaphor එකක්) බව පාස්ටර් ජෙරොම්ට මගහැරී ඇතිබව මගේ අදහසයි. මක්නිසාද, ඉර සඳ තාරකා මවන ලද්දේ, කුමන හේතුවක් නිසාද යන්න, එනම් ඉර සඳ තාරකා වල සීමාවන් මනා ලෙස නීර්ණය කොට තිබෙන නිසායි (scope) උප්පත්ති 1:14-15 වන පද වල සඳහන් කරලා තියෙනවා මේ විදියට:

14දෙවියන්වහන්සේ: රාත්‍රියෙන් දවාල වෙන් කිරීමට අහස්තලයෙහි ආලෝකයෝ වෙත්වා, ඒවා ලකුණු පිණිසද සෘතු පිණිසද දවස් පිණිසද අවුරුදු පිණිසද වෙත්වා, 15පොළොවට එළිය දීමට ඒවා අහස්තලයෙහි ආලෝකයන් පිණිස වෙත්වයි කීසේක. ඒ එසේ විය. 

එසේ නම්, ඉර සඳ තාරකා හට අධිපතිකම් කරන්න, එනම් ඒවාට පවරා තිබෙන කාර්ය නම් රාත්‍රියෙන් දවාල වෙන් කිරීමටත්, ලකුණු පිණිසද, අවුරුදු කාල වකවානු වෙන් කිරීමටද වෙනවා. එසේ නොමැතිව පාස්ටර් ජෙරොම් සදහන් කරන ආකාරයට, එමගින් අනාවැකි කීමට හෝ එමගින් මිනිසුන් හට බලපෑමක් එල්ල කිරීමට නොවේ.   

මෙතන තවත් දෙයක් සදහන් කරන්න අවශ්‍යයි. එනම්, මෙතන "ලකුණු" කියලා අදහස් කරන්නේ, එම තාරකාවන්හි පිහිටීම මගපෙන්වීමට, ප්‍රවාහන කටයුතුවලදී බාවිතා කිරීමටයි. එනම් තාරකා මණ්ඩලයක් මගින් සාදන රූපයන් (Mazzaroth) මීට ඇතුලත් වන අතර බයිබලයේ මෙවන් තාරකා මගින් සෑදුන රූපක තුනක් බයිබලයේ සඳහන් වෙනවා : Job 9:9; 26:13; 38:31-32; and Amos 5:8. යේසුස් වහන්සේගේ උපතේදී සිදුවුනෙත්, තාරකාවක් සලකුණක් ලෙස, ක්‍රිස්තුස් වහන්සේගේ උප්පතිය සිදුවුණා ස්ථානය සලකුණු කිරීමක්ය. එනම් කලින් දෙවියන් වහන්සේ උප්පත්ති පොතේ 1:14-16 කියලා තිබ්බ විදියට තාරකාවක් ලකුණක් ලෙස බාවිතා කිරීමයි. 

මෙතන පාස්ටර් ජෙරොම් සඳහන් කරනවා නක්ෂත්‍රය මගින් වූවත් පුද්ගලයන්ට පාර පෙන්වන්නේ යේසුස් වහන්සේ වෙතට එන්න කියලා. නමුත් මෙය වැරදි ප්‍රකාශයක්. මන්ද, නක්ෂත්‍රය/ජ්‍යෝතිෂ්‍යය දෙවියන් වහන්සේ තරයේ ප්‍රතික්ෂේප කරන දෙයක්, පිළිකුල් කරන දෙයක් යෙසායා Isaiah 47:13-14 බලන්න:  

13නුඹේ බොහෝ මන්ත්‍රණවලින් නුඹ වෙහෙසවී සිටිනෙහිය. ඉතින් නක්ෂත්‍රකාරයෝද තාරකා බලන්නෝද අමාවක්වලදී කාරණා දන්වන්නෝද නැගිට, නුඹ පිටට පැමිණෙන දේවලින් නුඹ ගළවත්වා. 14බලව, ඔව්හු ඉපනැලි මෙන් වන්නෝය; ගින්න ඔවුන් දවන්නේය; ඔව්හු ගිනිදැල්ලේ බලයෙන් තමුන්ම ගළවා නොගන්නෝය. එය ගිනි තපින්ට අඟුරක්වත් ළංව ඉන්ට ගින්නක්වත් නොවන්නේය.

තවද ජ්‍යෝතිෂ්‍යය මගින් කරනුයේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේ වෙතට එන්න තියෙන අවශ්‍යතාවයට බාදා කරවන්නක්. මේ ආකාරයට දේව වචනයට අනුව ජ්‍යෝතිෂ්‍යය දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරන අතර ඒවායේ නිවැරදි තාවයක් නොමැති බව පමණක් නොව ඒවා අසමත් බවත් දානියෙල් 1:20, 2:27-28 සඳහන් වෙනවා.

තවත් තැනකදී පාස්ටර් ජෙරොම් ගීතාවලියේ 121:6 වැරදි ලෙස අර්ථකථනය කරනවා. මෙතන අදහස් කරන්නේ දවාලෙන් හිරු කිරණ වලින් එල්ල වෙන දැඩි රශ්මියත්, රාත්‍රී කාලයේදී ඇතිවෙන සීතලත් මගින්වත් පීඩාවක් නොදෙන බවය. මෙතන දවාලේ රස්නයත් නිරූපනයට ඉරද, රාත්‍රියේ සීතල පෙන්වීමට සඳ බාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ, දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ සෙනගව ඊජිප්තුවේ සිට කාන්තාරය මගින් ගමන් කරන විට දහවල් කාලයේදීත්, රාත්‍රී කාලයේදීත් ආරක්ෂා කල විදියටම, එනම් නිකමයාම පොතේ 13:21-22 කියලා තියෙන විදියට (21තවද ඔවුන් දවාලෙත් රාත්‍රියෙත් ගමන්කරන පිණිස ස්වාමීන්වහන්සේ ඔවුන්ට මගපෙන්වීමට දාවල් වලා ටැඹකින්ද රාත්‍රියේ ඔවුන්ට එළිය දීමට ගිනි ටැඹකින්ද ඔවුන්ට පෙරටුව ගියසේක. 22දාවල් වලා ටැඹද රාත්‍රියේ ගිනි ටැඹද සෙනඟ ඉදිරියෙන් පහව නොගියේය.), ආරක්ෂා කරන බව තමයි ගීතාවලියේ 121:6 පදයෙන් කියන්නේ. එහෙම නැතුව පාස්ටර් ජෙරොම් කියන විදියට ඉරෙන් හෝ සඳෙන් ඇතිවෙන වෙනත් බලපෑමක් ගැන නෙමෙයි මෙතන කියන්නේ. අනිත් කරුණ තමයි, දෙවියන්වහන්සේ කිසිම විටක ඉර සඳ තාරකා වලට මිනිසාව හෝ පෘතුවිය පාලනය කිරීමට නොව, පෘථිවිය කෙරෙහි අධිපතිකම් කරන්න, පාලනය කරන්න (dominion) මනුෂ්‍යාට බාර දුන් බවයි දේව වචනයේ සඳහන් වන්නේ, උප්පත්ති 1:28-30:

28දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නැයි කීසේක. 29තවද දෙවියන්වහන්සේ: බලව, මුළු පොළෝතලයෙහි ඇති බීජ දරන සියලු පලාද බීජ දරන ඵල ඇති සියලු වෘක්ෂයන්ද නුඹලාට දුනිමි; එය නුඹලාට ආහාර පිණිස වන්නේය. 30පොළොවේ සියලු මෘගයන්ටත් ආකාශයේ සියලු පක්ෂීන්ටත් පොළොව පිට බඩගා යන පණ ඇති සියලු සතුන්ටත් ආහාර පිණිස සියලු නිල් පලා දුනිමියි කීසේක. ඒ එසේ විය.

එනම්, දෙවියන් වහන්සේ පොළොවේ මැවීම් කෙරෙහි අධිපති කම් කරන්න මනුෂ්‍යාට දෙවියන්වහන්සේ බාර දුන් බවයි මෙතන තියෙන්නේ සදහන් කර තිබෙන්නේ, එහෙම නැතුව පාස්ටර් ජෙරොම් පවසන පරිදි ඉර සඳ තාරකා වලට නෙමෙයි. 

අනෙත් අතට, පාස්ටර් ජෙරොම් සඳහන් කරනවා විධ්යාත්මකව මානසික රෝගීන් හට චන්ද්‍රයාගේ බලපෑමක් වෙනවා කියලා. නමුත් මෙය අසත්‍යයක් (backyard science) . එනම් 2019 දී මානසික රෝගීන් ~18000 සහබාගිකරගෙන කරන ලද පර්යේෂණයකදී අනාවරණය වුනේ[1] සඳෙහි ආලෝකය ( පූර්ණ චන්ද්‍රයා දිස්වන කාලයේදී - පොහොය දින වලදී) එම රෝගීන්ගේ කිසිදු වෙනසක් නොපෙන්වන බවයි. මෙහි ඇති අනෙක් කරුණ නම් තවත් පරීක්ෂණයකදී (Wehr 2018) [2] මගින් bipolar disorder රෝගීන් පමණක් අලලා දින ~ 29.5 lunar illuminance cycle මත කරන ලද පරීක්ෂණයකදී ඔහු විසින් දැක ඇත්තේ, පූර්ණ චන්ද්‍රයා දිස්වන කාලයේදී (පොහොය දින) එම රෝගීන්ගේ මානසික සෞක්‍ය හොඳ අතට පත්වෙන බවක් මිස පාස්ටර් ජෙරොම් සදහන් කරන ආකාරයට පෝය දවස් වල ඔවුන්ගේ රෝගී තත්වය උත්සන්න වන බවක් නම් නෙමෙයි. (කෙසේ නමුත් Wehr 2018 විසින් සොයාගනු ලැබූ ප්‍රතිපල වල වෙනත් confounding factors තිබිය හැක.) මේ ජර්නල් වල ලිනක්ස් පහත සදහන් කර ඇත.

පාස්ටර් ජෙරොම් මෙම වීඩියෝ එකේ කියන සෑම කරුණක්ම දේව වචනය තුලින් මේ ආකාරයෙන් වැරදි බව පෙන්වා දිය හැක. ලිපිය තවත් දිගු විය හැකි බැවින් මූලික කාරනා වලට පමණක් පිළිතුරු සටහන් කලෙමි. 


[1] https://doi.org/10.4414/smw.2019.20070

[2] https://doi.org/10.1186/s40345-022-00282-4


PS:

මෙම ලිපිය මගින් පාස්ටර් ජෙරෝම්ව ප්‍රතික්ෂේප කිරීමක් ඔහු කියන හෝ ඔහුගේ දේශනා සෑම එකක්ම වැරදියි කියන එක නෙමෙයි කරන්නේ. එක් වැරදි ඉගැන්වීමක් නිවැරදි කිරීමක් නැතිනම් පෙන්වා දීමක් පමණි.ඔබ ඔහුගේ සභාවට යන කෙනෙක් නම්, මෙය බාධාවක් කරගත යුතු නොවේ, එම සභාවට දිගටම යාමේ කිසිදු වරදක් නොමැත.

Comments

Popular posts from this blog

බයිබලය ඉගෙන ගන්නේ, එසේත් නැත්නම් තේරුම් ගන්නේ කෙසේද?

සාමාන්‍ය නවකතා රචකයින් විසින් ග්‍රන්ථ කරන ලද පොත් පත් ඉතා ලේසියෙන් පරිශීලනය කල  හැකිවුවද; එනම් මනුෂ්‍යයෙක් විසින් තවත් මනුෂ්‍යයෙකුට ලියන ලද ග්‍රන්ථයක් කියවීම ඉතා පහසු වූවද, දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයා හට ලියන ලද බයිබලය තේරුම් ගැනීම මාංසිකව අපහසු කටයුත්තක් වූවද, ශුද්ධාත්මයන් වහන්සේගේ මග පෙන්වීම තුල දෙවියන්වහන්සේව අදහන්නන් හට එය තේරුම් ගැනීම අපහසු කටයුත්තක් නොවේ. බයිබලය යනු දෙවියන් වහන්සේගේ වචනයයි. බයිබලය කියවන විටදී යාක්ඥා කොට කියවීම ඉතාමත්ම සුදුසු වනාවක් මෙන්ම, එක පරිච්චේදයක් හෝ ඉන් කොටසක්වත් එක දිනක් තුලදී කියවන්නට හැකි නම් එය ඉතාමත්ම යෝග්‍යය වන්නේය. තනි බයිබල් පද පමණක් අතරින් පතර කියෙවීම ඔබ මුල්වරට දෙවියන් වහන්සේගේ වචනය හදාරන්නෙක් නම් සුදුසු නොවේ. මක් නිසාද බොහෝ බයිබල් පද තනිව එහි සන්ධර්බයෙන් පිටතට ගෙන තේරුම් ගැනීම අපහසුවනවාක් මෙන්ම, එහි නියම අර්ථය පලුදු වීමක් එහෙමන්ක් නැත්නම් වෙනස් අර්ථකතනයක් ලැබීමට හේතු වන්නට පුළුවන්. ඔබ හට යම් කිසි කෙනෙක් තනි බයිබල් පදයක් ලබා දී එය විස්තර කරන්නේ නම්, ඊට අදාළ සන්දර්භය තේරුම ගැනීම තුලින් එම බයිබල් පදයේ නිසි අර්ථය තේරුම් ගැනීමට හැකි වනු...

කිතුනුවන්ට අදාළ ව්‍යවස්ථාවද? නව ගිවිසුමද?

සත්‍යවශයෙන්ම යේසුස් වහන්සේව අදහනන්නට  අදාළ වන්නේ ව්‍යවස්ථාවද, නව ගිවිසුමද යන්නට දිය හැකි ඉතාමත්ම කෙටි, නිවැරදි පිළිතුර නම්, නව ගිවිසුම යන්නයි. කිතුනුවන් හට  ව්‍යවස්ථාව  කිසිසේත්ම අදාළ නොවන්නෙහිද? ඔව්, සැබවින්ම.  නමුත් බයිබලයේ මතෙව් ශුභාරංචි පොතෙහි යේසුස් වහන්සේ පවසනුයේ ව්‍යවස්ථාව (පරණ ගිවිසුම) කිසිසේත්ම අවලංගු කිරීමට නොපැමිණි බවත්, ව්‍යවස්ථාවේ සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු ය යි සඳහන් කර තිබෙන බවත්ය. මතෙව් (5:17-20) 17 “මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ, ඒවා අවලංගු කිරීමට නොව, සම්පූර්ණ කිරීමට ය.  18 ලූක් 16:17 සැබැවින් ම මම ඔබට කියමි, අහස හා පොළොව පහ ව ගියත්, සියල්ල පරිපූර්ණ වන තුරු, ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක් වත් පාපිල්ලක් වත් පහ වී නොයන්නේ ම ය.  19 එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු ය යි කියනු ලබන්නේ ය. එහෙත්, ඒවා පිළිපදින, ඒවා උගන්වන කවරෙකු වුව ද, ඔ...

පෙරවදන

මෙම වෙබ් අඩවියෙන් බලාපොරොත්තු වෙන්නේ දෙවියන්වන්සේ විසින් මනුෂ්‍යාට දෙන ලද දේව වචනය, නැතහොත් බයිබලය නිවැරදිව තේරුම් කර දීමයි. දෙවියන් වහන්සේගේ වචනය අද ලොව විවිධ සභාවන්හි උගන්වනු ලබනවා, ඇතැම් අවස්ථාවන්වල එකම ඉගැන්වීම විවිධ ආකාරයට අර්ථ කථනය කරන අවස්ථාවන් දකින්නට පුළුවන්. බොහෝ අවස්තාවන් වල විවිධ නිකායයන් දෙවියන් වහන්සේ අදහස් කරන දේ වෙනුවට තමන්ගේ සභාවන් වලට උචිත වචනය අර්ථනිරූපනය කිරීමයි. විශාල ප්‍රධාන ධාරාවේ සභාවන් වල සිදුවන්නේ ඉහල නිලධාරීන් නිර්වචනය කරන ඉගැන්වීම් පහල ස්ථර වල සිටින සේවකයන් එම ඉගැන්වීම් ඒ ආකාරයටම ඉගෙන්වීමයි. මෙයි හොඳ සහ නරක දෙකම අන්තර් ගතයි. මෙහි ඇති හොඳ නම්, එකම ඉගැන්වීම එම ප්‍රධාන ධාරාවේ සෑම සභාවකම දකින්නට ලැබීමයි. මෙයි ඇති නරක දෙය නම්, ඉහල සතර වල සිටින්නන් ගනු ලබන්නා වන වැරදි තීරණ සහ අර්ථකතනයන් ඒ ආකාරයෙන්ම පහල ස්ථර වල සිටින සේවකයින් ඉගැන්වීමත්. එම ඉගැන්වීම් වැරදි වූවද පහල මට්ටමේ සිටින සේවකයින්ට (දේශකයින්ට) එම සභාවේ තිබෙන ඉගැන්වීම් වලට පිටින් යා නොහැකි වීමත්ය. මෙම ලියුම් කරු කිසිම සභාවකට ගැති නොවන මුත්, දෙවියන් වහන්සේට පමනක් ගණන් දීමට බැදී සිටින අයෙක් වන්නේය. එබැවි...