සත්‍යවශයෙන්ම යේසුස් වහන්සේව අදහනන්නට අදාළ වන්නේ ව්‍යවස්ථාවද, නව ගිවිසුමද යන්නට දිය හැකි ඉතාමත්ම කෙටි, නිවැරදි පිළිතුර නම්, නව ගිවිසුම යන්නයි.
නමුත් බයිබලයේ මතෙව් ශුභාරංචි පොතෙහි යේසුස් වහන්සේ පවසනුයේ ව්‍යවස්ථාව (පරණ ගිවිසුම) කිසිසේත්ම අවලංගු කිරීමට නොපැමිණි බවත්, ව්‍යවස්ථාවේ සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු ය යි සඳහන් කර තිබෙන බවත්ය.
බයිබලයේ මෙසේ යේසුස් වහන්සේ ප්‍රකාශ කර තිබෙන විටෙක, කිතුනුවන් හට ව්‍යවස්ථාව කිසිසේත්ම අදාළ නොවන්නේ යැයි කෙසේ කියන්නේද යන ප්‍රශ්ණය ඔබට මතු වනු ඇත.
පළමුව යේසුස් වහන්සේ මතෙව් ශුභාරන්චියේ දේශනා කරන දේ නිසි ලෙස අවබෝධ කරගැනීම අවශ්‍ය වන්නේය.
කිතුනුවන් හට ව්‍යවස්ථාව කිසිසේත්ම අදාළ නොවන්නෙහිද? ඔව්, සැබවින්ම.
මතෙව් (5:17-20)
17“මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ, ඒවා අවලංගු කිරීමට නොව, සම්පූර්ණ කිරීමට ය. 18ලූක් 16:17සැබැවින් ම මම ඔබට කියමි, අහස හා පොළොව පහ ව ගියත්, සියල්ල පරිපූර්ණ වන තුරු, ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක් වත් පාපිල්ලක් වත් පහ වී නොයන්නේ ම ය. 19එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු ය යි කියනු ලබන්නේ ය. එහෙත්, ඒවා පිළිපදින, ඒවා උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි උතුම් ය යි කියනු ලබන්නේ ය. 20මන්ද, ඔබ ධර්මිෂ්ඨකමින් විනයධරයන් ද පරිසිවරුන් ද ඉක්මවා නොගියොත්, ඔබ කිසි සේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නහු ය යි ඔබට කියමි.”බයිබලයේ මෙසේ යේසුස් වහන්සේ ප්‍රකාශ කර තිබෙන විටෙක, කිතුනුවන් හට ව්‍යවස්ථාව කිසිසේත්ම අදාළ නොවන්නේ යැයි කෙසේ කියන්නේද යන ප්‍රශ්ණය ඔබට මතු වනු ඇත.
පළමුව යේසුස් වහන්සේ මතෙව් ශුභාරන්චියේ දේශනා කරන දේ නිසි ලෙස අවබෝධ කරගැනීම අවශ්‍ය වන්නේය.
- බයිබලයේ නව ගිවිසුමේ තිබෙන මතෙව් ශුභාරංචි පොතේ පළමුවන පරච්චේදයේ පලවෙනි පදයෙන් නව ගිවිසුම ආරම්භ වන්නේ යැයි සිතන්නේ නම් එය නිවැරදි උපකල්පනයක් නොවේ.
- දෙවියන් වහන්සේත් මනුෂ්‍යාත් අතර නව ගිවිසුම ආරම්භ වනුයේ යේසුස් වහන්සේ කුරුස පත් වී උන්වහන්සේ ගේ ජීවිත පූජාව සම්පූර්ණ කර, උන්වහන්සේ විසින් තෝරා ගනු ලැබූවන් මිලදී ගත මොහොතේ පටන් වේ.
- එසේ නම්, යේසුස් වහන්සේ විසින් ව්‍යවස්ථාව බල පැවැත්වෙන්නේ යැයි පවසන්නේ, ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමට ප්‍රථමයෙන් වේ. එනම් එසේ ප්‍රකාශ කරනුයේ ව්‍යවස්ථාව බල පැවැත්වෙන අවස්තාවේදීය.
යේසුස් වහන්සේ කිසි විටකත්, ව්‍යවස්ථාව අවලංගු කරන්නේ යැයි ප්‍රකාශ කර නැත. උන්වහන්සේ පවසා සිටින්නේ ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමට පැමිණි බවකි, එසේ නම්, ව්‍යවස්ථාව අවලංගු නොවන්නේ නම්, එය සම්පූර්ණ වන්නේ යැයි ප්‍රකාශ කර තිබෙන විටකදී, ව්‍යවස්ථාව යේසුස් වහන්සේව අදහන්නන්ට අදාළ නොවන්නේ කෙසේද?
ඉතින් මේ ආකාරයට යේසුස් වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ උන්වහන්සේ ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමට පැමිණි බවයි. ව්‍යවස්ථාව සම්පූර්ණ කල පසු, එය තව දුරටත් බලපැවැත් වෙන්නේ නැත. මක්නිසාද ව්‍යවස්ථාව උන්වහන්සේ සම්පූර්ණ කර, මනුෂ්‍යයා සහ දෙවියන් වහන්සේ අතර නව ගිවිසුමක් පුත්‍රයානන් වහන්සේ කරණකොටගෙන ඇති කර ගත් බැවිනි.
අප තව දුරටත් ව්‍යවස්ථාවෙන් බැඳී සිටින්නේ නම්, යේසුස් වහන්සේගේ පැමිණීම අරුත්සුන් වනු ඇත, මක්නිසාද උන්වහන්සේ පැමිණියේ ව්‍යවස්ථාව සම්පූර්ණ කර ඉන් අපව නිදහස් කර, යේසුස් වහන්සේගේ පූජාව කරන කොටගෙන පියාණන් වහන්සේ සමග නව සම්බන්ධතාවයකට යොමු කිරීමටය. මේ සම්බන්දයෙන් දේව වචනය තුලින් තවදුරටත් විමසා බලමු.
හෙබ්‍රෙව් 7:11-12
හෙබ්‍රෙව් 8:10-13
10එසේය, ඒ දවස්වලට පසු මා විසින් ඉශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම නම්:
මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිහියේ තබමින්, ඒවා ඔවුන්ගේ සිත්වලද ලියන්නෙමි.
මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟක් වන්නෝය.
11ස්වාමීන්වහන්සේ ඇඳිනගන්න කියා එකිනෙකා තම තමාගේ නුවර වැසියාටත් සහෝදරයාටත් නූගන්වන්නේය. මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා ඇඳිනගන්නෝය. 12එසේය, මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් ගැන කරුණාකරන්නෙමි, ඔවුන්ගේ පව්ද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා තිබේ. 13අලුත් ගිවිසුමක්යයි කීමෙන් පළමුවෙනි ගිවිසුම පරණකළසේක. ඉඳින් පරණවන්නාවු මහලුවන්නාවූ දෙය නොපෙනීයාමට ළඟය.
රෝම 6:14
14කුමක්හෙයින්ද, ඔබ සැම ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින්, පාපය ඔබ සැම කෙරෙහි අධිපතිකම් නොකරන්නේය.
රෝම 7:6
- ඕනෑම ගිවිසුමක වලංගු භාවය රඳා පවතින්නේ එම ගිවිසුමේ සඳහන් කර තියෙබන කාරණා සම්පූර්ණ වන තෙක් හෝ එහි කාල වකවානු සම්පූර්ණ වන තෙක් පමණි. ගිවිසුමක් සම්පූර්ණ වූ කල එම ගිවිසුම තව දුරටත් වලංගු වන්නේ නැත. ගිවිසුමක් අවලංගු කල හැක්කේ එම ගිවිසුම සම්පූර්ණ කිරීමට ප්‍රතමයෙන් පමණි.
- උදාහරණයක් ලෙස ඔබ ජංගම දුරකතනයක් මාස 24ක් ඇතුලත ගෙවීමට අදාළ ජංගම දුරකථන සමාගම සමග ගිවිසුමක් අත්සන් කල විටදී එම ගිවිසුම වලංගු වන්නේ මාස 24කට හෝ එම දුරකතනයට අදාළ මුදල සම්පූර්ණයෙන් ගෙවා දමන තෙක් පමණි.
- ඔබ මුදල් ගෙවා ගිවිසුම සම්පූරණ කල පසු එම ගිවිසුම තව දුරටත් වලංගු නොවේ. සම්පූරණ කරන ලද ගිවිසුමක් බල රහිත වන නමුත් එම ගිවිසුම අවලංගු කල නොහැක. ගිවිසුම අවලංගු කල හැක්කේ එම ගිවිසුම බල පැවැත්වෙන කාලය අතර තුරදී පමණි.
ඉතින් මේ ආකාරයට යේසුස් වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ උන්වහන්සේ ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමට පැමිණි බවයි. ව්‍යවස්ථාව සම්පූර්ණ කල පසු, එය තව දුරටත් බලපැවැත් වෙන්නේ නැත. මක්නිසාද ව්‍යවස්ථාව උන්වහන්සේ සම්පූර්ණ කර, මනුෂ්‍යයා සහ දෙවියන් වහන්සේ අතර නව ගිවිසුමක් පුත්‍රයානන් වහන්සේ කරණකොටගෙන ඇති කර ගත් බැවිනි.
අප තව දුරටත් ව්‍යවස්ථාවෙන් බැඳී සිටින්නේ නම්, යේසුස් වහන්සේගේ පැමිණීම අරුත්සුන් වනු ඇත, මක්නිසාද උන්වහන්සේ පැමිණියේ ව්‍යවස්ථාව සම්පූර්ණ කර ඉන් අපව නිදහස් කර, යේසුස් වහන්සේගේ පූජාව කරන කොටගෙන පියාණන් වහන්සේ සමග නව සම්බන්ධතාවයකට යොමු කිරීමටය. මේ සම්බන්දයෙන් දේව වචනය තුලින් තවදුරටත් විමසා බලමු.
හෙබ්‍රෙව් 7:11-12
11ඉඳින් ලෙවීගේ පූජකකමෙන් සම්පූර්ණකම පැමිණේ නම් (මක්නිසාද ඒ සම්බන්ධව සෙනඟ ව්‍යවස්ථාව ලැබුවෝය), ආරොන්ගේ පිළිවෙළේ හැටියට කියනු නොලැබ, මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට වෙන පූජකයෙක් නැගිටින්ට තවත් තිබුණු ඕනෑකම මොකද? 12මක්නිසාද පූජකකම වෙනස්වූ බැවින් ව්‍යවස්ථාවත් වෙනස් විය යුතුමය.
10එසේය, ඒ දවස්වලට පසු මා විසින් ඉශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම නම්:
මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිහියේ තබමින්, ඒවා ඔවුන්ගේ සිත්වලද ලියන්නෙමි.
මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟක් වන්නෝය.
11ස්වාමීන්වහන්සේ ඇඳිනගන්න කියා එකිනෙකා තම තමාගේ නුවර වැසියාටත් සහෝදරයාටත් නූගන්වන්නේය. මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා ඇඳිනගන්නෝය. 12එසේය, මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් ගැන කරුණාකරන්නෙමි, ඔවුන්ගේ පව්ද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා තිබේ. 13අලුත් ගිවිසුමක්යයි කීමෙන් පළමුවෙනි ගිවිසුම පරණකළසේක. ඉඳින් පරණවන්නාවු මහලුවන්නාවූ දෙය නොපෙනීයාමට ළඟය.
රෝම 6:14
14කුමක්හෙයින්ද, ඔබ සැම ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින්, පාපය ඔබ සැම කෙරෙහි අධිපතිකම් නොකරන්නේය.
රෝම 7:6
6නුමුත් අපි යමකට බැදී සිටියෙමුද, ඊට නැසී, ව්‍යවස්ථාවෙන් නිදහස්කරනලදුව, පදාර්ථයේ පැරණි ආකාරයෙන් නොව ආත්මයේ අලුත් ආකාරයෙන් සේවයකරමුව.
ගලාති 2:15-21
15තවද අන්‍යජාති පව්කාරයන් නොව ස්වභාවෙන් යුදෙව්වරුන් වන අපි, 16යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන මිස ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙන මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨකරනු නොලබන බව දැන, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගතිමුව. මක්නිසාද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කවර මනුෂ්‍යයෙක්වත් ධර්මිෂ්ඨකරනු නොලබයි. 17නුමුත් ක්‍රිස්තුස්වහන්සේ තුළ ධර්මිෂ්ඨකරනු ලබන්ට සොයමින්ම අපිම පවා පව්කාරයෝව පෙනෙමු නම්, ක්‍රිස්තුස්වහන්සේ පාපයේ සේවකයෙක් වනසේක්ද? එසේ නොවේවා. 18මක්නිසාද මා විසින් කඩා දමනලද දේවල්ම මම නැවත ගොඩනගන්නෙම් නම්, මා වරදකාරයෙකු බව මමම ඔප්පුකරමි. 19ඇරත් මම දෙවියන්වහන්සේ උදෙසා ජීවත්වන පිණිස ව්‍යවස්ථාව කරණකොටගෙන ව්‍යවස්ථාවට මැරුණෙමි. 20මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි. 21දෙවියන්වහන්සේගේ කරුණාව නිෂ්ඵල නොකරමි. මක්නිසාද ධර්මිෂ්ඨකම ව්‍යවස්ථාව කරණකොටගෙන වේ නම් ක්‍රිස්තුස්වහන්සේ නිකරුණේ මළසේක.
Comments
Post a Comment